c
  • ශ්‍රී ලාංකීය වෘත්තීය අධ්‍යාපනයේ නිර්මාණශීලී පෙරගමන්කරු | දැක්ම - හෙට ලොව දිනන නිපුණතාවයන්ගෙන් සපිරි විනයගරුක අභිමානවත් ජාතියක් | මෙහෙවර - ගෝලීය අභියෝගයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් පෞරුෂයකින් හා නිර්මාණශිලී නායකත්ව ගුණාංගයන්ගෙන් පරිපූර්ණ වූ දැනුම සහ පුහුණුව තුළින් සන්නද්ධ වූ ශක්තිමත් ජාතියකට මංපෙත් විවර කර දීම

හැඳින්වීම

වර්ථමාන කාර්ය බහුල සමාජයේ බාල, තරුණ, මහළු විශේෂත්වයකින් තොරව ජංගම දුරකථන භාවිතා කිරීම සුලබ දසුනක්ව ඇත. නිවසේ සිට හෝ රාජකාරිය අතරතුර ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් පුවත්, ගීත හෝ විනෝදාත්මක වැඩසටහන්, කාලීන වැඩ සටහන් නැරඹීමෙන් හෝ සවන් දීමේ හැකියාව වර්තමාන සමාජයෙන් දුරස්වෙමින් පවතී. නමුත් නිරතුරු තම සුරතේ රැදී තිබෙන ජංගම දුරකථනය මඟින් මෙම සියළු වැඩසටහන් සවන්දීමට සහ නැරඹීමට සිහළ FM රේඩියෝව මඟින් හා සිහළ FM YouTube නාලිකාව මඟින් අවස්ථාව උදා වී ඇත. එමෙන්ම ඉතා ගුණාත්මක සහ වැඩදායි වැඩසටහන් අසන්නන් සහ නරඹන්නන්හට ලබා දීම මඟින් වර්තමානයේ පරිහානියට ලක්ව ඇති හෙළ සාරධර්ම, සභ්‍යත්වය සහ සංස්කෘතිය සුරැකීම සිහළ FM අපගේ මූලික ඉලක්කය හා අරමුණ වේ.

මීට අමතරව දිවයිනේ පාසල් පද්ධතිය තුළ ක‍්‍රියාත්මක වන ජනමාධ්‍ය ඒකකයන්හි තරුණ තරුණියන් හට සිහළ FM හා සම්බන්ධ වී පාසල් වැඩසටහන් මෙහෙයවීමේ අවස්ථව ලබාදීමද සිදු කෙරේ. එමඟින් තම පාසලේ එදිනෙදා කාලීන පුවත් සහ තොරතුරු විශේෂ පණිවුඩ හා දක්‍ෂතා ආදිය රටට එළි දැක්වීමේ අවස්ථාවද මෙමඟින් උදාවනු ඇත.

එමෙන්ම රට පුරා විසිරී සිටින නිවේදන හැකියාව ඇති දක්‍ෂ තරුණ තරුණියන් යොදවා ප‍්‍රාදේශීය පුවත්, සඟරාමය වැඩසටහන් පමණක් නොව දෙස් විදෙස් තොරතුරු ඉක්මණින් හා විශ්වාසවන්තව අසන්නන් හා නරඹන්නන්හට ලබාදීමද ඒ ඒ ප‍්‍රදේශයන්හි නව නිෂ්පාදකයින්, සුවිශේෂිතා ඇති පුද්ගලයින්, ආගමික, පෞරාණික හා සුන්දර ස්ථානයන් දේශිය හා ජාත්‍යන්තර සංචාරකයින් හට ප‍්‍රචාරය කිරීමත් මවුබිමට ප‍්‍රසිද්ධියක් ලබා දීම හා සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරමින් රටට විදේශ මුදල් ගලා ඒමට ක‍්‍රමවේදයන් සකස් කිරීමටත් මෙමඟින් බලාපොරොත්තු වේ.

ග‍්‍රාමීය තරුණ තරුණියන්ගේ සැඟවී ඇති කලා කෞෂල්‍යයයන් ඉදිරියට ගෙන ඒම, පාසල් මාධ්‍ය කවයන් තුළ සිටින දක්‍ෂ නිවේදකයින් ජාතික මට්ටම දක්වා ඔසවා තැබීම වැනි කටයුතු සිහළ FM රේඩියෝව මඟින් ඉටු කරන කටයුතු වේ. මෙම සියළු අංශයන් ඒකාබද්ධ කරමින් මව්බිමට අත්‍යාවශ්‍යව ඇති දේශීය ව්‍යාපාරික ජාලයක් ගොඩ නැගීමෙන් දක්‍ෂ ව්‍යාපාරිකයන් ජාලයක් ගොඩනැගීමෙන් දක්‍ෂ වෘත්තිකයන් පිරිසක් බිහි කිරීමත් නිර්මාණාත්මක හා කලාත්මක දක්‍ෂතා සපිරි පුරවැසියන් පිරිසක් බිහි කිරීමත් මඟින් හෙට ලොව දිනන නිපුණතාවයන්ගෙන් සපිරි විනයගරුක අභිමානවත් ජාතියක් ගොනැගීම SMIDF අපගේ ඉලක්කයයි.




ඊට අමතරව සිහළ FM YouTube නාලිකාව හා රේඩියෝව මඟින් නව නිෂ්පාදන සඳහා ප‍්‍රචාරණය ලබාදීමත් එමඟින් එම නිෂ්පාදනයන් රටට හඳුන්වා දීමටත් බලාපොරොත්තු වේ. එම නිෂ්පාදන අලෙවිය වර්ධනය කර ගැනීමට ඉතා අවම ප‍්‍රචාරණ වියදමකින් තම නිෂ්පාදන පිළිබඳ ප‍්‍රචාරය හා අලෙවි කර ගැනීමේ අවස්ථාව නව නිෂ්පාදකයන්ට ලබාදීමත් එම ප‍්‍රචාරක දැන්වීම් සඳහා නිරූපණ ශිල්පයේ දක්‍ෂතා දක්වන තරුණ තරුණියන් හට අවස්ථාව ලබාදීමත් එමඟින් බලාපොරොත්තු වේ. එහිදි ප‍්‍රාදේශිය මට්ටමින් නිවේදනය සහ නිරූපණයෙහි දක්‍ෂතා දක්වන තරුණ තරුණියන් ජාතික තලයට ඔසවා තැබීමේ හැකියාවද උදාවනු ඇත.

දෙස් විදෙස් තොරතුරු සමඟ දේශපාලන, කාලීන හා විනෝදාත්මක වැඩසටහන් සඳහා ඕනෑම මොහොතක ඕනෑම දේශයක සිට අත රැඳි ජංගම දුරකථනයෙන් පිවිසෙන්න.