c
  • ශ්‍රී ලාංකීය වෘත්තීය අධ්‍යාපනයේ නිර්මාණශීලී පෙරගමන්කරු | දැක්ම - හෙට ලොව දිනන නිපුණතාවයන්ගෙන් සපිරි විනයගරුක අභිමානවත් ජාතියක් | මෙහෙවර - ගෝලීය අභියෝගයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් පෞරුෂයකින් හා නිර්මාණශිලී නායකත්ව ගුණාංගයන්ගෙන් පරිපූර්ණ වූ දැනුම සහ පුහුණුව තුළින් සන්නද්ධ වූ ශක්තිමත් ජාතියකට මංපෙත් විවර කර දීම

හැඳින්වීම

දේශීය කර්මාන්තකරුවන් ප‍්‍රාදේශීය මට්ටමින් බිහි කිරීමේ අරමුණින් මීට වසර 22කට පෙර ස්වයං රැකියා පුහුණු අංශය ආරම්භ කරන ලදී. ස්වයං රැකියා පුහුණු අංශය යටතේ අපනයනය සඳහා විසිතුරු මත්ස්‍ය පාලනය, ඇන්තූරියම්, ඕකිඩ් සහ විසිතුරු පත‍්‍රික ශාක වගාව වැනි අංශයන් පිළිබඳව වූ පුහුණු කිරීම් සඳහා මූලිකත්වය ලබාදෙන අතර මේ වන විට ඒ යටතේ අති විශාල පිරිසක් පුහුණුව ලබා දේශීය හා ජාත්‍යන්තර වෙළදපොළ දක්වා ගමන් කර ඇත. එම ව්‍යාපෘති සඳහා අවශ්‍ය සියළුම පුහුණු කිරීම් අමුද්‍රව්‍ය සහ වෙළඳපොළ සම්බන්ධීකරණය SMIDF අලෙවි ප‍්‍රවර්ධන අංශය මඟින් සිදුකරනු ඇත.

ඊට අමතරව දේශීය වෙළදපළ සඳහා අලෙවි කිරීමේ හැකියාව ඇති පළතුරු බීම නිෂ්පාදනය, ජෑම් නිෂ්පාදනය, කෝඩියල් නිෂ්පාදනය, අභ්‍යාස පොත් නිෂ්පාදනය, බිම්මල් වගාව, මුරුක්කු සහ බයිට් වර්ග වැනි එදිනෙදා ප‍්‍රාදේශිය වශයෙන් වෙළදපළට යොමු කළ හැකි ආහාරමය ද්‍රව්‍ය නිපදවීමේ හැකියාව ඇති නිෂ්පාදකයින් පුහුණු කර වෙළදපළ සඳහා යොමු කිරීමද මේ යටතේ සිදු කරනු ලබයි.

මීට අමතරව අතිරික්ත බෝග වගාවන් වල අතිරික්ත නිෂ්පාදනයන් කල් තබා ගැනීමේ (විජලනය) පිළිබඳව ද අප පුහුණුව ලබාදෙනු ලැබේ. විශේෂයෙන් නිෂ්පාදන සුලබ වන කාලයන්හි විනාශ වී අපතේ යන එළවළු වර්ග පළතුරු ආදිය විජලනය කර කල් තබා ගැනීමෙන් නිෂ්පාදන අඩු කාලවලදී එම ආහාර ද්‍රව්‍ය ප‍්‍රයෝජනයට ගැනීමෙන් ඒ හරහා ආහාර සුරක්‍ෂිතතාවය ඇති කිරීමටත් බලාපොරොත්තු වේ. එසේම ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ පසු අවශ්‍ය වන මුල්‍ය පහසුකම් Capital Reach Investment අපගේ අනුබද්ධ ආයතනයෙන් ලබා දීමට කටයුතු කරන අතර ව්‍යාපාර ලියාපදිංචිය, ලේබල් මුද්‍රණය, සෞඛ්‍යාරක්‍ෂිතව සැකසීම සහ අලෙවිය පිළිබඳ අවශ්‍ය දැනුම සහ සම්බන්ධීකරණයද SMIDF මඟින් ලබාදෙනු ඇත.

වැඩමුළුව සඳහා සම්බන්ධ වීම

මෙම පුහුණු වැඩමුළුව සඳහා සම්බන්ධ වීමට අපගේ ප‍්‍රාදේශීය නියෝජිතයින් මඟින් හෝ අපගේ ක්‍ෂණික ඇමතුම් අංකය 0714158094 අමතා ස්වයං රැකියා පුහුණු අංශය හා සම්බන්ධ වීමෙන් ඒ සඳහා අවස්ථාව ලබා ගත හැකි වේ.

මෙම වැඩමුළුව කවුරුන් සඳහාද

තමන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීමේ බලාපොරොත්තුව ඇති පුද්ගලයින් සඳහා


ලියාපදිංචි ගාස්තුව   : රු 1950.00
වැඩමුළු කාලය  : දින 01 (ස්වභාවය අනුව)
වැඩමුළු ගාස්තුව  : එක් අයකු සඳහා රු. 3750 /= (උදෑසන, දිවා ආහාරය සහ සවස තේ)