c
  • ශ්‍රී ලාංකීය වෘත්තීය අධ්‍යාපනයේ නිර්මාණශීලී පෙරගමන්කරු | දැක්ම - හෙට ලොව දිනන නිපුණතාවයන්ගෙන් සපිරි විනයගරුක අභිමානවත් ජාතියක් | මෙහෙවර - ගෝලීය අභියෝගයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් පෞරුෂයකින් හා නිර්මාණශිලී නායකත්ව ගුණාංගයන්ගෙන් පරිපූර්ණ වූ දැනුම සහ පුහුණුව තුළින් සන්නද්ධ වූ ශක්තිමත් ජාතියකට මංපෙත් විවර කර දීම

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන පදනම (SMIDF)

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන පදනම (SMIDF) 1998 වර්ෂයේදී ඉතා කුඩා ආයතනයක් වශයෙන් ආරම්භ කරන ලදී. මුල් අවධියේදී අඩු ආදායම් ලබන රැකියා විරහිත ග්‍රාමීය ජනතාවගේ ආර්ථික මට්ටම ඉහල නැංවීමේ අරමුණින් හා ව්‍යාපාරිකයන් වශයෙන් ඔවුන් ඉදිරියට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවය ද සහිතව ස්වයං රැකියා වැඩමුළු ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වීම මූලිකව සිදු කරන ලදී. එම ස්වයං රැකියා වැඩමුළු මගින් දේශීය ව්‍යාපාරිකයන් බිහි කරමින් අප ආ ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් වශයෙන් වෘත්තීය පුහුණු අංශයක් ආරම්භ කිරීම දැක්විය හැක.


ඒ අනුව වසර 2000 දී ආරම්භ කරන ලද "වෘත්තීය හෙද අධ්‍යාපන පීඨය" මේ වන විට මෙරට ක්‍රියාත්මක වන පැරණිම සහ විශාලම හෙද විද්‍යාල වලින් එකක් ලෙස සැලකේ. එමෙන්ම කිසිදු පාඨමාලා ගාස්තුවකින් තොරව මාස 15 ක කාලයක් පුරා පවත්වන හෙද පාඨමාලාව අවසානයේ සියළුම සිසුන් රැකියාගත කිරීම සුවිශේෂි කොට දැක්විය හැක. එමෙන්ම දුරබැහැර ශිෂ්‍යාවන් විශාල ප්‍රමාණයකට නේවාසික පහසුකම් සහිතව පවත්වාගෙන යන මෙම හෙද විද්‍යාලය තුලින් බිහි වූ හෙදියන් දහස් ගණනක් දිවයින පුරා පිහිටි පෞද්ගලික අංශයේ රෝහල් තුළ සේවය කරමින් පසුවේ.

දේශීය හෝ විදේශීය හෙද සේවයට එක්වීමේදී අත්‍යාවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම පරිගණක භාවිතයේ ඇති හැකියාව මෙන්ම වර්ථමානයේ රැකියාවක් ලබා ගැනීමේදී දේශීය වශයෙන් අතිශය වැදගත් වන දෙමළ භාෂාව පිළිබඳ පාඨමාලාවක් ද සහිතව අමතර පාඨමාලාවන් 03 ක් හෙද විෂය නිර්දේශයට අමතරව වසරක කාලයක් පුරා අධ්‍යයනය කිරීමට මෙම හෙද සිසුවියන්ට අවස්ථාව ලැබේ.

2002 වසරේදී ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ෂණ ඉතිහාසයේ සුවිශේෂී වෙනසක් සිදුකල SMIDF "තොරතුරු තාක්ෂණ ඒකකය" ආරම්භ කරන ලදී. එදා මෙදා තුර මෙරට කිසිදු වෘත්තීය අධ්‍යාපන ආයතනයකින් සිදු නොකල පුහුනුවන සැමට නොමිලේ පරිගණක පද්ධතියක් පිරිනමමින් පරිගණක පාඨමාලාවන් මෙහෙය වීම SMIDF තොරතුරු තාක්ෂණ ඒකකය මගින් ආරම්භ කරන ලද අතර මෙහි සුවිශේෂීම ලක්ෂණය වන්නේ පාඨමාලාව අරඹන දිනම සියළුම සිසුන්ට නොමිලේ මල්ටිමීඩියා පරිගණක පද්ධතියක් ප්‍රදානය කිරීමයි.


2005 වසරේදී SMIDF ගුරු පුහුණු අංශය ආරම්භ කරන ලද අතර වර්තමානයේදී අත්‍යාවශ්‍ය වන හා අතිවිශාල ඉල්ලුමක් ඇති ඉංග්‍රීසි, දෙමළ හා තොරතුරු තාක්ෂණ යන විෂයන් ඉගැන්වීමේ හැකියාවෙන් යුතු ගුරුවරුන් බිහිකිරීම මෙම ඒකකයේ අරමුණ විය. මෙම ගුරු පුහුණු පාඨමාලාව තුලින් අවම වශයෙන් ඉහත විෂයන්ගෙන් විෂයන් 2 ක් ඉගැන්වීමේ හැකියාව ඇති අති සුවිශේෂී හැකියාවකින් යුත් ගුරුවරුන් පිරිසක් ශ්‍රී ලාංකීය වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට එක් කිරීමට SMIDF ගුරු පුහුණු අංශය සමත්ව ඇති අතර ඔවුන් මගින් SMIDF වෘත්තීය පුහුණු පාඨමාලාවන් දිවයින පුරා ප්‍රචලිත කිරීම සඳහා අනුබද්ධ මධ්‍යස්ථාන ආරම්භ කිරීමද මෙහි තවත් එක් ඉලක්කයකි.

2007 වසරේදී ආරම්භ කරන ලද SMIDF භාෂා අධ්‍යයන අංශය යටතේ මේ වන විට ඉංග්‍රීසි, දෙමළ හා අනෙකුත් භාෂාවන් හැදෑරීම සඳහා තරුණ තරුණියන්ට අවස්ථාව උදාකර දී ඇත. මෙහිදී මූලික පාඨමාලාවන් සඳහා මාස 03 ක කාලයක් නොමිලේ සහභාගී විය හැකි අතර මූලික පාඨමාලාවන් සමත්වන පුද්ගලයින් පමණක් සහතික පත්‍ර හා ඩිප්ලෝමා පාඨමාලාවන් සඳහා ඇතුලත් කරගනු ලබයි. මෙම පාඨමාලාවන් තුලින් දේශීය හා විදේශීය රැකියාවන්හිදී අත්‍යාවශ්‍ය වන භාෂාවන් හැසිරවීම පිළිබඳ මුල සිටම සරලව දැනුම ලබාදීමට බලාපොරොත්තු වේ.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන පදනම සමාගම් පනතේ PV/5798 අංකය යටතේ සංස්ථාවක් ලෙස නීතිගත කර ඇති ආයතනයක් වන අතර තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ P12/0105 අංකය යටතේ තෝරාගත් පාඨමාලාවන් සඳහා ලියාපදිංචි වී ඇති ආයතනයකි.


Features

අපගේ දැක්ම


හෙට ලොව දිනන නිපුණතාවයන්ගෙන් සපිරි විනයගරුක අභිමානවත් ජාතියක්

අපගේ මෙහෙවර


ගෝලීය අභියෝගයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් පෞරුෂයකින් හා නිර්මාණශිලී නායකත්ව ගුණාංගයන්ගෙන් පරිපූර්ණ වූ දැනුම සහ පුහුණුව තුළින් සන්නද්ධ වූ ශක්තිමත් ජාතියකට මංපෙත් විවර කර දීම
Features

කළමණාකාර අධ්‍යක්‍ෂකතුමාගේ පණිවිඩය

සමාජයේ දියුණුවත් සමාජයේ සුරක්‍ෂිතතාවයත් ඇති වන්නේ අධ්‍යාපනය තුළිනි. දක්‍ෂතා වලින් පරිපුර්ණ වු උගත් ජනතාවක් වෙසෙන ඕනෑම රටක සංවර්ධනයත් සමාජයේ මනා හික්මීම හා සුරක්‍ෂිතතාවයක් ඇති වන බව එදා සිටම අද දක්වා ලෝකයේ පිළිගැනීමයි. මව්පිය ගුරුවරුන්ගේ සෙවනේ ප‍්‍රාථමික හා ද්විතික අධ්‍යාපනය ලබන දරුවා තරගකාරී විභාගයෙන් පසු විශ්ව විද්‍යාල වරම් උදාකර ගනී. නමුත් අ.පො.ස (සා / පෙළ) සමත්ව උසස් පෙළ හදාරණ සිසුන්ගෙන් විශ්ව විද්‍යාල වරම් ලබනුයේ ඉතා සීමිත පිරිසකි. එමෙන්ම උසස් අධ්‍යාපනය ලබන නමුත් නිසි වෘත්තීය පුහුණුවක් නොලැබීම හේතුවෙන් විරැකියාව ඉහළ යන බවත් රැකියා අවස්ථාවන් සඳහා සුදුසු තත්වයක එම තරුණ තරුණියන් නොසිටින බවත් පෞද්ගලික ආයතන වල පවතින අති විශාල රැකියා අවස්ථා ප‍්‍රමාණයෙන් වටහාගනු හැකිවනු ඇත.

රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් රැකියා ඇබෑර්තු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් තුළින් දක්නට ලැබෙන්නේ හා වටහාගත හැකි වන්නේ රැකියා ලොව ජයගැනීමට සුදුසු පුහුණු ශ‍්‍රමිකයන් නොමැතිවීමෙන් කර්මාන්ත සේවා හා නිෂ්පාදන ක්‍ෂේත‍්‍රයේ හිඩසක් ඇති වී තිබෙන බවයි. "ශ්‍රී ලාංකීය වෘත්තීය හෙද අධ්‍යාපනයේ නිර්මාණශීලී පෙර ගමන්කරු" වශයෙන් SMIDF අපගේ බලාපොරොත්තුව ඉහත සඳහන් කළ හිඩැස පිරවීම හැකියාවෙන් යුත් දක්‍ෂ වෘත්තිකයන් පිරිසක් රටට බිහි කිරීමයි.

මීට අමතරව දේශීය ආර්ථිකයට දායකත්වයක් දිය හැකි දේශීය කර්මාන්තකරුවන් බිහි කිරීම සඳහා ක‍්‍රමවත් සහ ඉලක්කගත වැඩපිළිවලක් නිර්මාණය වී නොමැති තත්වයක් තුළ තමන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන නමුත් ඒ සඳහා නිසි මඟ පෙන්වීමක් සහ වැඩ පිළිවලක් සකස් කරමින් අවශ්‍ය පුහුණුව සහ අනෙකුත් සේවාවන් සැපයීම අපගේ ස්වයං රැකියා පුහුණු අංශය මඟින් සිදු කරමින් දේශීය හා ජාත්‍යන්තර ජාලයට ගැලපෙන ව්‍යාපෘති බිහි කිරීම පසුගිය දශක ගණනාවක් පුරාම අප විසින් සිදු කරගෙන යනු ලබන තවත් සත්කාරයකි.

මෙම සියළු අංශයන් නියෝජනය කරන පිරිස් සඳහා මෙන්ම සෞන්දර්යාත්මක හැකියාවෙන් පිරිපුන් ග‍්‍රාමීය මට්ටමේ තරුණ තරුණියන්ගේ කලා හැකියාවන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිහළ FM වෙබ් රේඩියෝව නිර්මාණය කර ඇත.

රටට ජාතියට ආදරය කරන තරුණ බාල මහළු ඔබ සැමට SMIDF අප සමඟ අත්වැල් බැඳ ගනිමින් ඔබගේ දියුණුව සමඟ අප උපන් අපගේ ආදරණීය මව්බිම ලෝකය ඉදිරියේ ඔසවා තබන්නට එක්වන මෙන් ආරාධනා කර සිටිමු.

M.M.T.D.රත්මලේ
සභාපති/කළමණාකාර අධ්‍යක්ෂ