c
මේ වන විට පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශයද තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්වෙමින් වඩාත් කාර්යක්ෂම නිෂ්පාදන හා සේවාවන් ලබා දෙමින් දැයේ වේගවත් සංවර්ධනයකට මගපාදන අතර පෙර නොවූ සුවිසල් රැකියා අවස්ථාවන් උත්පාදනය කරනු ලබයි. මෙම රැකියාවන්ගෙන් බහුතරයක් තොරතුරු තාක්ෂණය කේන්ද්‍ර කරගත් රැකියා අවස්ථාවන් වේ. හෙට ලොව වෘත්තිකයකු ලෙස ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට නම් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්වූ සුදුසුකම් ඔබ විසින් සපුරා ගත යුතුය. මේ සඳහා පාසල් අවධියේ සිටම තොරතුරු තාක්ෂණය පිළිබඳව සිසු සිසුවියන් උනන්දු කරවීමේ අරමුණ පෙර දැරි කරගෙන දැනට මෙම සියළුම පරිගණක පාඨමාලාවන් පාසල් සිසුන් සඳහා පමණක් ඉලක්කගත කර පවත්වනු ලබයි.
SMIDF ආයතනය 2002 වර්ෂයේදී නොමිලේ පරිගණකයක් ප්‍රදානය කරන පරිගණක පාඨමාලාවන් ආරම්භ කරන ලද්දේ විශේෂයෙන්ම අගනුවරින් දුරබැහැර ප්‍රදේශවල සිටින දක්ෂ තරුණ තරුණියක් සඳහා තොරතුරු තාක්ෂණ ලොව දොරටු විවර කර දීමේ බලාපොරොත්තුව ඇතිවය. පරිගණක පාඨමාලාවක් හැදෑරුවද ප්‍රමාණවත් තරම් ප්‍රායෝගික දැනුම නොමැති කමින් බොහෝවිට එම තරුණ තරුණියන් සම්මුඛ පරීක්ෂණ වලදී අසමත් වන බව දක්නට ලැබුණු අතර නිවසේ පරිගණකයක් නොමැති කමින් මෙම තත්වය උද්ගතවන බව හඳුනාගත හැකි විය. මෙයට විසඳුමක් ලෙස SMIDF තොරතුරු තාක්ෂණ පාඨමාලා හදාරන තරුණ තරුණියන්ට කිසිඳු කොන්දේසියකින් තොරව පාඨමාලාව අරඹන දිනම තම නිවසේ පෞද්ගලික භාවිතය සඳහා මල්ටිමීඩියා පරිගණක පද්ධතියක් ප්‍රදානය කිරිම SMIDF තොරතුරු තාක්ෂණ ඒකකය මගින් සිදු කරන ලදී.
එමෙන්ම 2013 වසරේදී නව පාඨමාලාවක් ලෙස ජාත්‍යන්තර රැකියා අවස්ථාවන් උදාකර ගත හැකි Internet money & ECommerce පාඨමාලාව හඳුන්වාදීමට අප උනන්දු වූයේ අපගේ තරුණ තරුණියන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් මනාව ප්‍රයෝජනයට ගනිමින් තම වැටුප ඩොලර් වලින් උපයමින් විදේශ විනිමය මෙරටට රැගෙන ආ හැකි මාර්ගයක් හඳුන්වාදීමේ අරමුණ පෙරදැරි කරගෙනය. රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා පෝලිම්වල නොසිට ස්වාධීන රැකියාවන් ලෙස අන්තර්ජාලය තුලින් ජාත්‍යන්තර රැකියාවන් වල නියලෙමින් තමන්ගේ ආදායම උපයා ගැනීමට මෙම දැනුම ප්‍රයෝජනවත් වන අතර රැකියා නියුක්තිකයින් පාසල් හෝ උසස් අධ්‍යාපනයේ නිරත වන්නන් මෙන්ම ගෘහණියන්ටද තම නිවසේ සිටම අන්තර්ජාල රැකියාවක නිරත වෙමින් අමතර ආදායමක් උපයාගැනීමට මෙමගින් අවස්ථාව සැලසී ඇත.
එමෙන්ම සෑම වසරකම එක් කණ්ඩායමක් බැගින් ඉතා සීමිත දක්ෂ සිසුන් පිරිසක් තෝරාගෙන ඔවුන් ගුරුවරුන් ලෙස දැනුම, බුද්ධිය , ආකල්ප, නිපුණතාවයන් සංවර්ධනය කරමින් ඉංග්‍රීසි, දෙමළ හා පරිගණක යන විෂයන් 3 ම ප්‍රගුණ කල විනයගරුක ගුරුවරුන් ලෙස සමාජගත කරමින් ගුරු පුහුණු පාඨමාලාවක් පවත්වන එකම ආයතනය SMIDF බව කිව හැකිය. එමෙන්ම 2013 වසරේ සිට SMIDF අනුබද්ධිත SMIDF YOUTH CAMPUS මගින් දුරබැහැර ප්‍රදේශවල පදිංචිව සිටින හෝ පාඨමාලාවක් සඳහා පැමිණීමේ අපහසුතා ඇති පුද්ගලයින් සඳහා තම නිවසේ සිටම හැදෑරිය හැකි පරිගණක පාඨමාලාවන් සහ භාෂා පාඨමාලාවන් ශ්‍රී ලාංකීය වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දී ඇත. SMIDF තොරතුරු තාක්ෂණ පාඨමාලාවන් හදාරා දැනට විවිධ වෘත්තීන් වල නියලෙන තරුණ තරුණියන්ටත් මෙම වසරේ තොරතුරු තාක්ෂණ පාඨමාලා හැදෑරීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ගේත් අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු.
පාසල් සිසුන් සඳහා වන නොමිලේ පවත්වන මූලික පරිගණක පාඨමාලාව
පරිගණක පිළිබඳ මූලික හෝ දැනුමක් නොමැති සිසු සිසුවියන් වෙනුවෙන් නොමිලේ පවත්වන මෙම පාඨමාලාව විශේෂයෙන් අඩු ආදායම් ලබන, සමෘද්ධි ලබන, ති‍්‍රවිධ හමුදා පොලිස් පවුල් වල දරුවන් වෙනුවෙන් විශේෂයෙන් වෙන්කොට ඇත. මෙම පාඨමාලා කාලය තුළදී නොමිලේ අභ්‍යාස පොත්, පෑන්, පැන්සල් ද ලබා දීම සිදු කෙරේ.
ලියාපදිංචි ගාස්තුව | : රු 1950.00 |
කාලය | : මාස 03 |
කාල සීමාව මාස 06
ගිණුම් ලිපිකරු, සාමාන්‍ය ලිපිකරු, පිලිගැනීමේ නිළධාරීන් හෝ කාර්යාලීය රැකියාවන්හි යෙදීමට බලාපොරොත්තු වන අයට සහ මුල සිටම පරිගණක දැනුම ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයින් ඉලක්ක කරගෙන සැකසූ පරිගණක පාඨමාලාවකි. වෘත්තිකයින්ට මෙන්ම පාසල් සිසුන් සහ උසස් අධ්‍යාපනයේ නියැලෙන අයහට අවශ්‍ය වන නිබන්ධන, වාර්ථා සැකසීම, දත්ත කලමණාකරණය ආදි අත්‍යාවශ්‍ය විෂයන් ගණනාවක් මෙම පාඨමාලාව තුලදී අධ්‍යයනය කිරීමේ පහසුකම් සපයා ඇත.
ලියාපදිංචි ගාස්තුව | : රු 1950.00 |
ඇතුලත් වීමේ ගාස්තුව | : රු 10500.00 |
මාසික ගාස්තුව | : රු 1500.00 |
කාල සීමාව මාස 06
පරිගණක ආශ්‍රිත ග්‍රැෆික් නිර්මාණකරනයේ යෙදීමට කැමැත්තක් දක්වන රූපවාහිනී, පුවත්පත්, සහ දැන්වීම්කරණයේ යෙදීමට හෝ තමන්ගේම ව්‍යාපාරයක් වශයෙන් මුද්‍රණ ක්ෂේත්‍රයේ නියැලීමට අපේක්ෂා කරන අය හෝ දිවයිනේ පිළිගත් මාධ්‍ය ආයතනයන්හි රැකියාවක නියැලීමට අපේක්ෂා කරන අය සඳහා සුදුසුවන සේ සකස් කරන ලද පාඨමාලාවකි.
ලියාපදිංචි ගාස්තුව | : රු 1950.00 |
ඇතුලත් වීමේ ගාස්තුව | : රු 10500.00 |
මාසික ගාස්තුව | : රු 3500.00 |
Duration 04 Months
පරිගණක පද්ධති අලුත්වැඩියා කිරීම එකලස් කිරීම හා නඩත්තු කිරීම පිළිබඳ දැනුම ලබාගැනීමට හෝ පරිගණක තාක්ෂණික ශිල්පියෙකු ලෙස රැකියාවක නියුතු වීමට බලාපොරොත්තු වන අයහට සුදුසු වන සේ සකස් කල පාඨමාලාවකි.
ලියාපදිංචි ගාස්තුව | : රු 1950.00 |
ඇතුලත් වීමේ ගාස්තුව | : රු 10500.00 |
මාසික ගාස්තුව | : රු 3500.00 |
කාල සීමාව මාස 06
දැන්වීම් කලාවේ නියැලීමට බලාපොරොත්තු වන ගුවන් විදුලි, රූපවාහිනී, චිත‍්‍රපට ආදියෙහි ශ්‍රව්‍ය දෘෂ්‍ය සංස්කරණය, ගීත සඳහා රූප රචනය කිරීම හා ශ්‍රව්‍ය දෘෂ්‍ය වෙළද දැන්වීම් කරණයේදී ඇති අති විශාල රැකියා සඳහා ගැලපෙන ලෙස සකස් කල පාඨමාලාවක් වන අතර මාධ්‍ය ආයතනයක සේවය කිරීමට බලාපොරෙත්තු වන හෝ දැන්වීම් කලාවේ නියැලෙන පුද්ගයින්ට අවශ්‍ය වන දැනුම ලබා ගැනීමට සකස් කරන ලද පාඨමාලාවකි.
ලියාපදිංචි ගාස්තුව | : රු 1950.00 |
ඇතුලත් වීමේ ගාස්තුව | : රු 10500.00 |
මාසික ගාස්තුව | : රු 4500.00 |
කාල සීමාව මාස 06
දේශීය හෝ විදේශීය උසස් අධ්‍යාපන කටයුතු, අන්තර්ජාල රැකියා අවස්ථා, ව්‍යාපාරික අවස්ථා සහ සන්නිවේදන කටයුතු සඳහා අත්‍යාවශ්‍ය වන අන්තර්ජාලය හා විද්‍යුත් තැපැල් භාවිතය පිළිබද දැනුම ලබාගත හැකි වන සේ සකස් කල පාඨමාලාවකි.
ලියාපදිංචි ගාස්තුව | : රු 1950.00 |
ඇතුලත් වීමේ ගාස්තුව | : රු 5000.00 |
මාසික ගාස්තුව | : රු 1000.00 |