c
  • ශ්‍රී ලාංකීය වෘත්තීය අධ්‍යාපනයේ නිර්මාණශීලී පෙරගමන්කරු | දැක්ම - හෙට ලොව දිනන නිපුණතාවයන්ගෙන් සපිරි විනයගරුක අභිමානවත් ජාතියක් | මෙහෙවර - ගෝලීය අභියෝගයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් පෞරුෂයකින් හා නිර්මාණශිලී නායකත්ව ගුණාංගයන්ගෙන් පරිපූර්ණ වූ දැනුම සහ පුහුණුව තුළින් සන්නද්ධ වූ ශක්තිමත් ජාතියකට මංපෙත් විවර කර දීම

හැඳින්වීම

මෙරට ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා ආයතනයන්හි ඇති Patient Care, Baby Care, Care Giver, Elder Care, Home Nurse, Nurse Aid යන තනතුර සඳහා ඉතා කඩිනමින් සේවයට අනුයුක්ත කිරීමට අවශ්‍යව ඇති ඉහත තනතුර සඳහා මෙම දින 7 ක පුහුණු වැඩමුළුව පවත්වන අතර පුහුණුවෙන් පසු සියළුම පුහුණුවන්නන් ඉහත තනතුර සඳහා සේවයට අනුයුක්ත කරනු ඇත. මෙම දින 7 ක පුහුණුවට අවශ්‍ය නේවාසික පහසුකම් හා ආහාරපාන ආයතනය මඟින් නොමිලේ සපයනු ඇත.

ඇතුලත්වීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම්

උස අඩි 4 අඟල් 10 නොඅඩු වීම.

අ.පො.ස. සා/ පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබීම. (සමත් වීම අත්‍යාවශ්‍ය නොවේ)

වයස අවු. 24 නොඅඩු සහ වයස 50 ට නොවැඩි කාන්තාවක් වීම.

ශරීර විකෘතිතාවයන් නොමැති මනා පෙනුමැති මනා සෞඛ්‍ය තත්වයකින් හෙබි කාන්තාවන් වීම.

පුහුණුවේ ස්වභාවය


මෙය පූර්ණ කාලීන දින 07 ක කඩිනම් පුහුණුවක් වන අතර පුහුණු කාලය තුලදී Patient Care, Baby Care, Care Giver, Elder Care, Home Nurse, Nurse Aid යන රැකියාවන් වලදී අත්‍යවශ්‍ය වන විෂයන් පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික වශයෙන් පුහුණුව ලබාදෙන අතර සතියේ දින 07 ක් උදෑසන 7.00 සිට පස්වරු 6.00 දක්වා පුහුණුව පැවැත්වේ.

රැකියාවේ ස්වභාවය


දීර්ඝ කාලීනව රෝහල් ගතව සිටින රෝගීන් මෙන්ම නේවාසිකව ප‍්‍රථිකාර ලබා ගැනීමට නිවෙස් වෙත යොමු කරන ලද රෝගීන් සඳහා පළපුරුදු වෛද්‍යවරුන්, හෙද සොයුරියන්, හා හෙද පාලිකාවන් ගේ අධීක්ෂණය යටතේ හෙදියකගෙන් ඉටුවිය යුතු සියළුම මූලික රාජකාරි කටයුතු ඉටුකිරීම මෙහිදී අදාළ වේ.

වැටුප්, දීමනා හා අමතර පහසුකම්


ඉහත තනතුර සඳහා අදාළ සියළු දීමනා සහිත ආදායම රු. 24000/= සිට රු. 55000/= දක්වා හෝ ඉන් ඉහළ දීමනාවක් වන අතර පරිවාස කාලයෙන් පසු සේවක අර්ථසාදක අරමුදලේ (EPF) හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ (ETF) සාමාජිකත්වය ඔබට හිමි වනු ඇත. නේවාසික පහසුකම්, පැමිණීමේ දීමනා, අතිකාල දීමනා හා පැය 24 පුරා හදිසි අනතුරු රක්ෂණාවරණයක් ඇතුළු විශේෂ පහසුකම් රාශියක් මෙම තනතුර සඳහා හිමි වනු ඇත.

පුහුණු වැඩමුළුව ඇතුළත දී ආවරණය වන විෂයපතය

රෝගීන් සඳහා ඇදන් පිළියෙළ කිරීම

රෝගියකු ඇදේ සිටියදීම නැහැවීම

මුඛ සෞඛ්‍යය

හිස පිරීම, හිස සේදීම

උණ, නාඩි, ස්වසනය, රුධිර පීඩනය බැලීම

මළාධාරයක් පිළිගැන්වීම

හුමාල ආණනකරණය

වෛද්‍ය තැවුම

මෘත දේහයක් සකස් කිරීම

ඖෂධ පිළිගැන්වීම

රෝගියකු රෝද පුටුවෙන් ඇඳට ගැනීම

රෝගියකු ඇඳෙන් රෝද පුටුවට ගැනීම

වස්ති ලබා දීම

වෙළුම් පටි යෙදීම

මුත‍්‍රා බටයක් ඇතුල් කිරීම

බට මඟින් ආහාර ලබාදීම

නිහාරිකරණය